Tuesday, May 14, 2024

General line - 0115112241

ඉන්ධන මිල ඉහළ යාමෙන් භාණ්ඩ මිලත් ඉහළ යන ලකුණු - ආර්ථික විශ්ලේෂකයින්




ඉන්ධන මිල ඉහළ නැංවීම හේතුවෙන් ඉදිරියේදී භාණ්ඩ මිල ගණන් ද ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. ඉන්ධන මිල වැඩි කිරීම මෙරට ආර්ථිකයට කෙටි කාලීනව සහ දිගු කාලීනව බලපෑම් එල්ල්කරන බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන හා වාණිජ විද්‍යාපීඨයේ ව්‍යාපාරික ආර්ථික විද්‍යා මහාචාර්ය ජනක් කුමාරසිංහ සදහන් කළේ.

බොහෝ රටවල් ඉන්ධන සදහා මිල ස්ථායීතාවක් පවත්වාගෙන යාම සදහා විවිධ උපක්‍රම භාවිත කරනවා. ලෝක වෙළදපොළේ බොරතෙල් මිල අඩු අවස්ථාවලදී වැඩි වශයෙන් ඉන්ධන තොග මිලදි ගැනීම ඉන් එක් උපක්‍රමයක්. කෙසේ වෙතත් බොරතෙල් මිල අඩු අවස්ථාවන්වලදී එලෙස ඉන්ධන තොග වැඩි වශයෙන් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති බවයි ඔහු සදහන් කළා.

ඉන්ධන මිල වැඩිවීම හරහා මෙරට ජන ජීවිතයට සිදුවන බලපෑම සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රියන්ග දුනුසිංහ ද මෙලෙස අදහස් පළ කළා.