Tuesday, May 14, 2024

General line - 0115112241

දෙහිවල සිට කොළඹ දෙසට ගාලු පාර භාවිතා කරන රියැදුරන්ට දැනුම් දීමක්




මලපවාහන පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද සිට ගාලු පාරේ වැල්ලවත්තේ සිට කොළඹ දෙසට වන මංතීරුවේ රථ වාහන ධාවනය සීමා කෙරෙනවා.

ඒ අනුව විකල්ප මාර්ග ලෙස මුහුදු මාර්ගය භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.