Tuesday, May 14, 2024

General line - 0115112241

නිරෝධායන රීති උල්ලංඝණය කළ තවත් 1,198 දෙනෙකු අත්අඩංගුවට




නිරෝධායන රීති උල්ලංඝණය කළ තවත් පුද්ගලයන් 1,198 දෙනෙකු ඉකුත් පැය 24 තුළදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

ඒ අනුව ඉකුත් ඔක්තෝම්බර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයන් 32,593 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

අද දිනයේද නිරෝධායන රීති උල්ලංගණය කරන පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා රටපුරා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය වැඩිදුරටත් සදහන් කළා.