Wednesday, May 15, 2024

General line - 0115112241

ගිනිගත් නෞකාවේ කපිතාන් බැදුම්කරයක් මත මුදා හැරේ. - විදෙස් ගමන් තහනම තවදුරටත්




අත්අඩංගුවට ගැණුනු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රුසියානු ජාතික කපිතාන්වරයා ලක්ෂ 20 ක පෞද්ගලික බැදුම්කරයක් මත අද මුදා හැරුණා. ඒ, කොළඹ මහාධිකරණයේ අංක 01 වෙත අද ඉදිරිපත් කිරීමේන් අනතුරුවයි. එම නෞකාවේ කපිතාන්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට අද ඉදිරිපත් කර තිබුනේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින්.

අධිකරණය විසින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාට විදෙස් ගතවීම වළක්වාලමින් පනාව ඇති තහනමද තවදුැටත් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය අද තීන්දු කළා. මීට පෙර අවස්ථා කිහිපයකදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණා. කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක්ව කොටසක් මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.