Wednesday, May 15, 2024

General line - 0115112241

පළාත් දෙකක රෝහල් කණිෂ්ඨ සේවකයින් අද වර්ජනයේ




උතුරු සහ උතුරුමැද පළාත්වල රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල ඇතුළු යටත් ශ්‍රේණිවල රෝහල් කාර්ය මණ්ඩල සේවකයින් අද දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා. ඒ, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අයත් තනතුරු 40 කට ආසන්න ප්‍රමාණයක රාජකාරී ආවරණය කිරීම සදහා බහුකාර්ය සංවර්ධන බලකා සාමාජිකයින් අනියුක්ත කිරීමට විරෝධය පළ කරමින්.

බලධාරීන් සිය ඉල්ලීම්වලට ප්‍රතිචාර නොදැක්වුවහොත් දිවයිනපුරා රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි සමස්ත ලංකා සුව සේවා සංගමය පැවසුවේ. මේ, එහි ප්‍රධාන ලේකම් මහින්ද ගුරුගේ.