Tuesday, May 7, 2024

General line - 0115112241

නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කළ තවත් පුද්ගලයින් 396 දෙනෙකු අත්අඩංගුවට




නිරෝධායන රෙගුලාසි කඩ කළ තවත් පුද්ගලයින් 396 දෙනෙකු ඊයේ දිනය තුළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ මුව ආවරණ නොපැළදීම, පුද්ගල දුරස්ථභාවය පවත්වා නොගැනීම ඇතුළු නිරෝධායන රෙගුලාසි කඩ කිරීමේ චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඒ අනුව නිරෝධායන රෙගුලාසි කඩ කිරීම් සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු පුද්ගලයින් ගණන 41,914 ක් වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සදහන් කළා.