Tuesday, May 14, 2024

General line - 0115112241

ඉන්දියාවට තවත් අවදානමක්




කොරෝනා වංසගතයෙන් පීඩාවට පත්ව ඇති ඉන්දියාවට නුදුරේදීම කොරෝනා තෙවන රැල්ලක බලපෑමක් එල්ල වනු ඇතැයි එරට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අගවනවා.

ඒ අනුව ඉදිරි සති 12 ත් 16 ත් අතර කාලසීමාව තුළ ඉන්දියාව තුන්වන කොරෝනා රැල්ලකට හසුවීමේ අවදානමක් පවතින බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

මෙම අනතුරු ඇගවීම් අනුව එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඉන්දීය අධිකරණ මගින් ප්‍රාන්ත රජයන්ගෙන් කරුණු විමසා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කොරෝනා දෙවන රැල්ල හමුවේ බලපෑමට ලක්වූ ඉන්දියාව මේවනවිට මුහුණ පා සිටින්නේ ඩෙල්ටා ප්ලස් වෛරස් කාණ්ඩයේ ව්‍යාප්තියටයි.

ඒ අනුව ඩෙල්ටා ප්ලස් නමැති කොරෝනා වෛරස් කාණ්ඩය හේතුවෙන් ඉන්දියාව කොරෝනා තුන්වන රැල්ලකට මුහුණ පානු ඇති බවටයි මේවනවිට මත පළ වන්නේ.

මේ අතර ඉන්දියාවෙන් හමුවූ ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් මේවනවිට ලොව රටවල් 85 කින් හඳුනාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

මෙම ප්‍රවණතාව අඛණ්ඩව පැවතුන හොත්, ලොව රටවල් බලපෑමට ලක්වන ප්‍රමුඛතම කොරෝනා වෛරස් කාණ්ඩය ඩෙල්ටා වෛරස් කාණ්ඩය වනු ඇති බවටයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවන්නේ.  

ඇල්ෆා වෛරස් කාණ්ඩය ආසාදිත පුද්ගලයින් ලොව රටවල් 170 කින් හඳුනාගෙන ඇති අතර, බීටා වෛරස් කාණ්ඩය ආසාදනය වූ පුද්ගලයින් ලොව රටවල් 119 කින් හඳුනාගෙන ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණ කළේ.