Tuesday, May 14, 2024

General line - 0115112241

ඉන්දියාවේ ඩෙල්ටා නිසා ඕස්ට්‍රේලියාව යළිත් අවදානමක




ඉන්දියාවෙන් හඳුනා ගැනුණු ඩෙල්ටා වෛරස් ප්‍රභේදය හමුවේ ඕස්ට්‍රේලියාව යළිත් දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ පා තිබෙනවා. ඒ, එම වෛරස් කාණ්ඩය ආසාදිත බවට සැකකෙරෙන නව ආසාදිතයින් 17 දෙනෙකු ඊයේ හමුවීමත් සමගයි. 

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ප්‍රදේශ කිහිපයක් වහාම වසා දැමීමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ. සිඩ්නි නුවර මධ්‍යම ප්‍රදේශය හා බොන්ඩි වෙරළ කලාපය ඇතුළු ජනාකීර්ණ තවත් ප්‍රදේශ කිහිපයක් ඒ අනුව වසා දැමෙනු ඇති. විදෙස් වාර්තා පැවසුවේ හෙට සිට වසා දැමෙන එම ප්‍රදේශ ජූලි 02 වදා යළි විවෘත කිරීමට සැලසුම් කර ඇති බවයි. 

කෙසේවෙතත්, පවතින තත්ත්වය සමාලෝචනය කර ඉදිරි තීරණ ගන්නා බවයි සිඩ්නි බලධාරීන් පවසන්නේ.