Friday, May 17, 2024

General line - 0115112241

මුහුදුජීවීන් මියයෑමට හේතුව සොයන්න විදෙස් සහය පතයි




මෙරට වෙරළ තීරයන් රැසකට ගොඩ ගැසූ මිය ගිය කැස්බෑවන්, තල්මසුන් සහ ඩොල්ෆින් මත්ස්‍යයන් ඇතුලු මුහුදු ජීවින් මිය යාමට හේතුව මෙතෙක් අනාවරණ කර ගැනීමට නොහැකි වී තිබෙනවා. පරිසරවේදීන් පවසන්නේ කොළඹ වරාය ආසන්නයේදි ගිනි ගැනීමට ලක්ව කොටසක් මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑම හේතුවෙන් මෙම මුහුදු ජීවින් මිය යන්නට ඇති බවයි.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අදාල බලධාරීන් සෘජු ප්‍රතිචාරයක් දක්වා නැහැ. වනජීවි අමාත්‍ය සී බී රත්නායක සඳහන් කළේ මෙම මුහුදු ජිවීන් පිළිබඳ පර්යේෂණ කිරීම සඳහා ඊට වෙන්වු පර්යේෂණාගාර රට තුළ නොමැති බවයි. මේ හේතුවෙන් මිය ගිය එම මුහුදු ජිවින්ගේ සාම්පල සිංගප්පුරුව වැනි එම පර්යේෂණාගාර ඇති විදෙස් රටවල් වෙත යොමු කර එම පර්යේක්‍ෂණ සිදුකළ  යුතු බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් කළ විමසිමකදී සඳහන් කළේ.

මෙම ගිනිගත් නෞකාව හේතුවෙන් මුහුදු ජිවීන්ට සිදු වූ හානියට වන්දි ලබා ගැනීම සඳහා සිය අමාත්‍යංශයද සිය නිගමන සහ නිරීක්ෂණ අධිකරණ අමාත්‍යංශයට ලබා දීමට කටයුතු කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.