Friday, May 17, 2024

General line - 0115112241

බස්නාහිර පළාතේ වයස 60 ට වැඩි පිරිස් සදහා විශේෂ දැනුම් දීමක්




බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල වයස අවුරුදු 60 ට වැඩි ජනතාව සදහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ඉදිරි තෙදින තුල සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් සංවිධානය කරන එන්නත් මධ්‍යස්ථානය තුල දී එම එන්නත ලබාදීමට කටයුතු යොදා ඇති බවත්, එම එන්නත් ලබාගැනීමේ මධ්‍යස්ථාන පිළිබදව ඔබ අයත් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අමතා එන්නත් මධ්‍යස්ථානවල විස්තර ලබාගත හැකි බව මහජන සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම් ආනල්ඩ් පවසනවා.