Friday, May 17, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස කරන ඉල්ලීම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂට බැහැර කළ නොහැකියි - සාගර කාරියවසම්




හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුවට යළි පැමිණීම සම්බන්ධයෙන් අද දිනයේත් මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සදහන් කළේ මෙම අවස්ථාවේදී පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස කරන ඉල්ලීම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂට බැහැර කළ නොහැකි බවයි.

මෙම ඉල්ලීමට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ එකඟ වී ඇත් දැයි මාධ්‍යවේදීන් මෙහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්ගෙන් විමසීමක් කළා.

මේ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සම්බන්ධයෙන් සමගි ජනබලවේගය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක.