Friday, May 17, 2024

General line - 0115112241

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු කහතුඩුවෙන්




ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු කහතුඩුව, ජයලියගම ප්‍රදේශයෙන් හදුනාගෙන තිබෙනවා.

ඔහු කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ප්‍රධාන ඉදිකිරිම් ආයතනයක සේවයේ නිරත අයෙකු බවයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පත්මරාජ පැවසුවේ.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සදහන් කළේ කහතුඩුව ප්‍රදේශයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු වාර්තාවීම පිළිබද මෙතෙක් නිල දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

කෙසේවෙතත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සදහන් කළේ යම් ප්‍රදේශයකින් එවැනි ආසාදිතයෙකු වාර්තා වූ සැණින් එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් අදාළ ප්‍රදේශවලට ඒ පිලිබද දැනුම් දී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

ඩෙල්ටා ප්‍රභේදය භායානක තත්ත්වයන් පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය පර්යේක්‍ෂණ ආයතනයේ වෛරස පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මෙලෙස අදහස් පළ කළා.