Friday, May 17, 2024

General line - 0115112241

රටවල් කිහිපයක සිට පැමිණෙන ගුවන් මගීන්ට තාවකාලික තහනමක්




රටවල් 08 ක සිට පැමිණෙන ගුවන් මගීන්ට එළඹෙන ජූලි මස 01 වනදා සිට ජූලි 31 වනදා දක්වා මසක කාලයක් ශ්‍රී ලංකාවට පැමිණීම අත්හිටුවීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව පුරා පවතින කොරෝනා වසංගත තත්වය පාලනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මතයි.

ඒ අනුව ඇංගෝලා , බොස්ට්වානා , ලෙසතෝ , මොසැම්බික් , නැම්බියා , ස්විට්සර්ලන්තය , සැම්බියා සහ සිම්බාබ්වේ යන රටවල්වල සිටගුවන් මගීන් පැමිණීම මෙලෙස තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

එම රටවල මීට දින 14 කට පෙර සංචාරයේ නියැලී සිටි ගුවන් මගීන්ට සහ එම රටවල් ඔස්සේ පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන්ට මෙම නිවේදනය අදාළ නොවන බවයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ.

මෙම රටවල සිට පැමිණෙන ගුවන් මගීන්, එම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් වළකින ලෙස අදාළ ගුවන් සමාගම්වලට දැනුම් දී ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

කෙසේවෙතත් එම රටවලින් ශ්‍රී ලංකාව බලා පැමිණීමට පිටත් වී ඇති ගුවන් මගීන්ට අද දින සිට ලබන පළමු වනදා දක්වා පමණක් සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්  තේමිය අබේවික්‍රම වැඩිදුරටත් සදහන් කළේ.