Friday, May 17, 2024

General line - 0115112241

ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව වෙනුවට එන්නත් වර්ග 2 කට අනුමැතිය




ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් සහ මොඩෙර්නා එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර් චන්න ජයසුමන පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කළ බෝවන රෝග පිළිබද විශේෂඥ කමිටුව ඒ සදහා අනුමැතිය ලබාදුන් බවයි.

ඒ අනුව ඉදිරි සති දෙක තුළ මොඩෙර්නා එන්නත් මිලියන 2 ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා 26,000 ක් මෙරටට ලැබීමට නියමිතයි.