Friday, May 17, 2024

General line - 0115112241

කළුතර බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය යැවීමේ තවත් තැතක් වරදී




කළුතර බන්ධනාගාරයට පිටතින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සලයක් එම බන්ධනාගාරයේ අවි අංශයේ නිලධාරීන් හා ක්ෂේත්‍ර සේවා නිලධාරීන් විසින් සෝදිසි කර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පාර්සලය තුළ තිබී ජංගම දුරකතන 04 ක්, ජංගම දුරකතන චාජරයක් සහ දුමිකොළ  25 ක් සොයාගෙන ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

එම තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සලය වැඩිදුර විමර්ශන සදහා කලුතර උතුර පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.