Friday, May 17, 2024

General line - 0115112241

බැසිල් පාර්ලිමේන්තු එයිද ? - ඇමති කෙහෙලිය කතා කරයි




ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන දිනය නිෂ්චිතව මේ මොහොතේ ප්‍රකාශ කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡාවක් පවතින බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම්දීමෙන් පසු ඉන්ධන මිල අඩු කිරීමේ සූදානමක් පවතින්නේදැයි මෙහිදී ප්‍රශ්න කෙරුණු අතර ඊට කැබිනට් ප්‍රකාශකවරයා ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.