Friday, May 17, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු සභා ගර්බයේදි සිදුවූ ගැටුම ගැන වාර්තාව ලබන සතියේ කථානායක අතට




පසුගිය අප්‍රේල් මස 21 වනදා පාර්ලිමේන්තු සභාගර්බයේදි සහ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු වූ සිද්දිය පිළිබද සොයා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව කතානායකවරයා වෙත භාර දීමට එම කමිටුව තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටියගේ සභාපතීත්වයෙන් පත් කෙරුණු එම කමිටුවට සාමාජිකයින් 08 දෙනෙකු ඇතුලත්.

අදාල සිද්දිය සම්බන්ධයෙන් සොයා බලා එවැනි අර්බුධකාරී තත්ත්වයන් නැවත පාර්ලිමේන්තුව තුළ ඇති නොවීමට ගත යුතු පියවර කවරේද යන්න නිර්දේශ කිරීම එම කමිටුවට පැවරුණා. ඒ අනුව එවැනි සිදුවීම් වළක්වා ගැනීමට ගත හැකි කෙටි කාලීන සහ දිගු කාලීන ක්‍රියාමාර්ග ඇතුලත් පූර්ණ වාර්තාවක් කතානායකවරයා වෙත ඉදිරිපත් කිරීමටයි එම කමිටුව තීරණය කර ඇත්තේ.