Friday, May 17, 2024

General line - 0115112241

දුම්රිය වෘත්තීය සමිති 34 ක් උදෑසන අටේ සිට වර්ජනයේ




දුම්රිය වෘත්තීය සමිති 34 ක් අද උදෑසන අටේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ඒ, රුපියල් මිලියන 4,400 ක මුදලක් වැය කරමින් අඩුපාඩු රැසක් සහිත ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයට දුම්රිය ප්‍රවේශපත්‍ර පද්ධතියක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියට විරෝධය පළ කරමින්.

දුම්රිය නගා සිටුවීම සදහා වූ දුම්රිය වෘත්තීය සමිති සංධානයේ කැදවුම්කරු ඉන්දික දොඩන්ගොඩ පැවසුවේ අදාළ ව්‍යාපෘතිය මගින් දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුවන බවයි.

ඒ සම්බන්දයෙන් වැඩි දුරටත් කරුණු දැක්වූ දුම්රිය වෘත්තීය සමිති සංධානයේ කැදවුම්කරු ඉන්දික දොඩන්ගොඩ.