Friday, May 17, 2024

General line - 0115112241

ඇස්ට්‍රාසෙනිකා ඉලක්කම් වෙනසට හේතුව හෙළි වෙයි




මෙරටට ලැබුණු ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ප්‍රමාණය දොලොස් ලක්ෂ 64,000 ක් වුවද එම ප්‍රමාණය ඉක්මවා එන්නත් ලබා දීමට හැකි වී ඇත්තේ ඉවත යා හැකි එන්නත් මාත්‍රා ප්‍රමාණය අවම කරමින් එය භාවිතයට ගැනීම හේතුවෙන් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඊයේ වන විට මෙරට පුද්ගලයින්  නව ලක්ෂ 25,242 දෙදෙනෙකුට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබූ අතර එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් තුන් ලක්ෂ 74,040 කට ලබා දී තිබුණා. ඒ අනුව එම එන්නතේ පළමු හා දෙවන මාත්‍රා  දොලොස් ලක්ෂ 99,282 ක් මෙරටදී ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වාර්තා අනුව අනාවරණ වුණේ.

මීට හේතු වූ කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූයේ මෙලෙසයි.

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ඇසුරුම්වල නියමිත එන්නත් මාත්‍රා ප්‍රමාණයට වඩා වැඩිපුර ප්‍රමාණයක් අඩංගු බවත්, එය එම එන්නත් භාවිතය මෙරටදී ආරම්භ කළ මුල් වකවානුවේ භාවිතයට නොගෙන ඉවත දමන බවත් පළමුව අනාවරණ කළේ නෙත් නිවුස් ඔස්සේයි.