Friday, May 17, 2024

General line - 0115112241

හෙලකුරු වාර්තාවක් තබයි




දේශීයව නිපදවූ මෘදුකාංගයක් වන හෙළකුරු බාගතකිරීම් මිලියන 10 යේ කඩඉම පසුකර තිබෙනවා. ඒ, දේශීයව නිපදවූ මෘදුකාංගයක් එම සීමාව පසුකර ගිය පළමු අවස්ථාව සනිටුහන් කරමින්. ඒ සමබන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ හෙළකුරු මෘදුකාංගයේ නිර්මාතෘ දනික පෙරේරා.

දේශීයව නිපදවන මෘදුකාංග ජනතාව අතරට යාමේ අඩුවක් දක්නට ලැබෙන බවත්, එවැනි දේශීය නිෂ්පාදන ජනතාව අතරට රැගෙන යාම සදහා සහය ලබා දීමට හෙළකුරු ආයතනය සූදානම් බවත් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.