Friday, May 17, 2024

General line - 0115112241

එක්ස්ප්‍රස් පර්ල් සමග මුහුදුබත් වූ ඇතැම් බහාලුම්වල අඩංගු ද්‍රව්‍ය මෙතෙක් හදුනාගෙන නොමැති බවට අනාවරණයක්




එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සමග මුහුදුබත් වී ඇති ඇතැම් බහාලුම්වල අඩංගු ද්‍රව්‍ය මොනවාදැයි මෙතෙක් හදුනාගැනීමට නොහැකි වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. අදාළ නෞකාවේ තිබුණු ප්ලාස්ටික්වලින් ගොඩගසා ඇත්තේ සියයට 40 ක් පමණ බවත්, ඉතිරි සියයට 60 ක පමණ ප්‍රමාණයට සිදුවූයේ කුමක්දැයි මෙතෙක් අනාවරණ වී නොමැති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ඉකුත්දා ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශණී ලහදපුර මෙලෙස අදහස් පළ කළා.

මුහුදු පතුලේ ඇති බහාලුම්වල කිසියම් රසායනික ද්‍රව්‍යයක් හෝ ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය පවතින්නේ නම් ඒවා ඉවත් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි නෙත් නිවුස් මෙහිදී ප්‍රශ්න කළා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශණී ලහදපුර ඊට පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.