Friday, May 17, 2024

General line - 0115112241

නිරෝධායන රෙගුලාසි කැඩූ තවත් 433 දෙනෙකු අත්අඩංගුවට




නිරෝධායන රෙගුලාසි කඩ කිරීම් සම්බන්ධයෙන් ඊයේ දිනය තුළ පුද්ගලයින් 433 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතරින් 67 දෙනෙකු මහනුවර ප්‍රදේශයේදීත්, 56 දෙනෙකු ගම්පොළ ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

ඒ අනුව නිරෝධායන රෙගුලාසි කඩ කිරීම් සම්බන්ධයෙන් මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති මුලු පුද්ගලයින් සංඛ්‍යාව 45,532 ක් වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියා.