Tuesday, May 21, 2024

General line - 0115112241

ඊයේ දිනයේ පුද්ගලයන් 244,706 දෙනෙකුට කොවිඩ් එන්නත ලබාදෙයි




මෙරට පුද්ගලයන් දෙලක්‍ෂ 44,706 දෙනෙකුට ඊයේ දිනයේ කොරෝනා මර්දන එන්නත් ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඉන් වැඩිම පිරිස වන දෙලක්‍ෂ 21,753 දෙනෙකුට ලබාදී ඇත්තේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාවයි. එහි දෙවන මාත්‍රාව තවත් පුද්ගලයන් 16,336 දෙනෙකුට ලබාදී තිබෙනවා. තවත් පුද්ගලයන් 6,617 දෙනෙකුටද ඊයේ දිනයේ ෆයිසර් එන්නත ලබාදුන් බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ. 

සයිනොෆාම් කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව  මේ වනවිට මෙරට පුද්ගලයින් හතලිස් දෙලක්‍ෂ 76,535 දෙනෙකුට ලබාදී තිබෙනවා. එම පිරිසෙන් දොළොස් ලක්‍ෂ 45,827 දෙනෙකුට එම එන්නතේ දෙවන මාත්‍රාවද මේ වනවිට ලබාදී අවසන් බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ. මේ වනවිට මෙරට පුද්ගලයින් නව ලක්‍ෂ 25,242 දෙනෙකුට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති අතර ඉන් පුද්ගලයන් තුන් ලක්‍ෂ 85,885 දෙනෙකුට එම එන්නතේ දෙවන මාත්‍රාවද මේ වනවිට ලබාදී අවසන්. 

වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ පුද්ගලයන් එක් ලක්‍ෂ 57,368 දෙනෙකුට ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව ද ලබාදී ඇති ඇති අතර එම පිරිසෙන් 14,464 දෙනෙකුට එහි දෙවන මාත්‍රාවද මේ වනවිට ලබාදී ඇති බවයි. ෆයිසර් එන්නත මේ දක්වා කාලය තුළ ලබාගෙන ඇති පුද්ගලයන් ගණන 45,793 ක්.

මේ අතර මෙරට එන්නත්කරණ වැඩසටහන ලබන සතියේ සිට දිස්ත්‍රික්ක 12 ක් පුරා ව්‍යාප්ත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, පොළොන්නරුව, රත්නපුර, බදුල්ල, මොනරාගල, අම්පාර, පුත්තලම හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙරට තුළ ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන්ද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද නෙත් නිවුස් වෙත අදහස් පළ කළා.

කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමට එම මධ්‍යස්ථාන වෙත යාමට නොහැකි බස්නාහිර පළාතේ වයස්ගත පුද්ගලයින්ගෙන්ද මෙහිදී ඉල්ලීමක්ද කෙරුණා.