Friday, May 17, 2024

General line - 0115112241

රට තුළ ප්‍රමාණවත් ඉන්ධන ඇති බවට ගම්මන්පිලගෙන් සහතිකයක්




රට තුළ මේ වන විට ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. ඒ අනුව දින 27කට ප්‍රමාණවත් ප්‍රෙට්‍රල්ද, දින 24කට ප්‍රමාණවත් ඩීසල් ද පවතින බවයි අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ. 

ඉන්ධන සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීමට විදේශ විනිමය නොමැති වීම හේතුවෙන් මෙරටට පැමිණි ඉන්ධන නෞකාවක් ආපසු හරවා යෑම සම්බන්ධයෙන් ඉකුත් දිනවල වාර්තා පළ වුණා. ඒ සම්බන්ධයෙන්ද අමාත්‍ය උදය ගම්මන්පිල අදහස් පළ කළා.