Tuesday, May 21, 2024

General line - 0115112241

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය මුදලට උපාධි ලබාදෙන ආයතනයක් වන බවට චෝදනාවක්




කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනත හරහා එම විශ්ව විද්‍යාලය මුදල් මත උපාධි ලබාදෙන ආයතනයක් බවට පත්වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය රුවන් ජයසූරිය පැවසුවේ ස්ථාපිත කෙරෙන පාලක මණ්ඩලය, නිර්දේශ කරන ආකාරයට පාඨමාලා සදහා මුදල් අය කිරීමට හැකියාව ඇති බවට එහි සදහන්වීම හේතුවෙන් එය එලෙස සිදුවිය හැකි බවට අපේක්‍ෂා කරන බවයි. 

කෙසේවෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මහා සංඝරත්නය හමුවේ ප්‍රකාශ කළේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය ඒ යටතට ගෙන එන බවයි. රටේ අනාගතය සදහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට ඇතැම් පිරිස් විචාරයකින් තොරව එරෙහිවීම අනාගත පරපුරට කරන බලවත් ආසාධාරණයක් බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා. ඒ, පෙරේදා 11 වන වරට ජනාධිපති කාර්යාලයේදී රැස්වූ  බෞද්ධ උපදේශක සභාවේදීයි.