Tuesday, May 21, 2024

General line - 0115112241

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව ගැන තීරණයක් ගන්න ආණ්ඩු පක්‍ෂය අද රැස් වේ




ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. ඒ, ජනාධිපති මන්දිරයේදීයි. ඒ සදහා ආණ්ඩු පක්‍ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට සහභාගිවන ලෙසයි දැනුම් දී ඇත්තේ.

එම රැස්වීමේදී අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. කෙසේවෙතත් උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය ලබාදිය යුතු ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සදහන් කළේ.

අද පැවැත්වෙන ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සිය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ.

මේ අතර තමන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය  හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට අමාත්‍ය උදය ගම්මන්පිල දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස්වෙන අතර එම දින දෙකේදී අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙනවා.   සමගි ජනබලවේගය විසින් අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.