Tuesday, May 21, 2024

General line - 0115112241

සීදුවේ වෙඩි තැබීමක්




සීදුව බේස්ලයින් පාර අමන්දොලුව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රීයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකටයුතු පුද්ගලයින් පිරිසක් ගමන්ගත් වාහානයක් හඹා ගොස් පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම වෙඩි තැබිම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීමෙන් එම වාහනයෙන් සිටි පුද්ගලයෙකු තුවාල ලැබූ අතර ඔහු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ අපරාධ සහ මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවයි අනාවරණ වී ඇත්තේ. සීදුව පොලිසිය මගින් වැඩිදුර විමර්ෂන ක්‍රියාත්මකයි.