Tuesday, May 21, 2024

General line - 0115112241

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකු වාලච්චේන ප්‍රදේශයේදී අත්අඩංගුවට




අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු වාලච්චේන, කුඹුරුමුල්ල ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වාලච්චේන පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීයි.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් සියයයි මිලිග්‍රෑම් 5 ක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22, 27 හා 30 යන වයස්වල පසුවන පුද්ගලයන් තිදෙනෙක්.

ඔවුන් වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරන බවයි පොලීසිය පැවසුවේ.