Friday, May 17, 2024

General line - 0115112241

13 හැවිරිදි දැරියක් අපහරණය කළ විහාරාධිපති හිමිනකමක් ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට




ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි වයස අවුරුදු 13ක දැරියක් නිත්‍යානුකුල භාරකත්වයෙන් අපහරණයට ලක් කිරීමක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව හිමිනමක් සහ තවත් සැකකාර පුද්ගලයන් 03 දෙනෙක් ඊයේ (18) දින අත් අඩංගුවට ගෙන තිබෙනවා.

රාජගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින 39 හැවිරිදි විහාරාධිපති හිමිනමක් සහ තවත් සැකකාර පුද්ගලයන් 03 දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අත්අඩංගුවටගෙන ඇත්තේ සැකකරුවන් විසින්  බාලවයස්කාර දැරියව දණ්ඩ නිතී සංග්‍රහයේ 352  වගන්තිය අනුව නිත්‍යානුකුල භාරකාරත්වයෙන් අපහරණය කිරීම යන අපරාධය යටතේය.

මෙම සැකකරුවන් සිව්දෙනා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ව දින 14 ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ.

තම දියණියන් පිළිබඳ විශේෂයෙන්ම මව්වරුන් සහ පියවරුන් ඉතා සුපරික්ෂාකාරී වන ලෙසත්, මෙවැනි ආකාරයේ අපයෝජනයන් තම දරුවාට ඉතා සමීප සහ දරුවන්ගේ විශ්වාසය දිනාගෙන සිටින තැනැත්තන් අතින් සිදුවීම බහුලව වාර්තාවන බැවින්, දෙමාපියන් තම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම ගැනීම තුළින් මේ ආකාරයේ අවාසනාවන්ත සිදුවීම් වලින් තම දියණියන් බේරාගැනීමේ හැකියාව පවතින බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ සඳහන් කර සිටියේ.