Tuesday, May 21, 2024

General line - 0115112241

ගම්මන්පිලගේ විශ්වාසභංගයෙන් පාර්ලිමේන්තුව උණුසුම්




බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබද විවාදය අද පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. එම විශ්වාසභංග යොජනාව සමගි ජනබලවේගය විසින් ගෙනආ අතර එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් විසින්. මන්ත්‍රීවරයා එම විශ්වාසභංග යෝජනාව සම්ප්‍රදානුකූලව සභාවට ඉදිරිපත් නොකළ බව පවසමින් ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් ඊට විරෝධයක් එල්ල කළා.

ඒ සමග සභාවේ ඇති වූයේ නොසන්සුන්තාවක්. අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් විවාදයට එක්වෙමින් මෙලෙස අදහස් පළ කළා.

අනතුරුව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සහ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල අතර මෙවන් සංවාදයක් ඇති වුණා.

මේ, එම විවාදයේදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍ය රෝහිත අබේවර්ධන.

අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට දිනයේද විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.