Tuesday, May 21, 2024

General line - 0115112241

පාසල්වල පළමු ශ්‍රේණියට අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කෙරේ




පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සදහා අයදුම්පත් භාරගැනීමට ලබාදුන් කාලය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව එම අයදුම්පත් භාරගැනීම අගෝස්තු මස 7 වනදා දක්වා දීර්ඝ කළ බවයි අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පැවසුවේ.

මේ අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වෙන දින වකවානුද අද ප්‍රකාශයට පත් කළා. ඒ අනුව 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 14 වන ඉරිදා දින පැවැත්වෙන බවයි අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පැවසුවේ.

උසස් පෙළ විභාගය නොවැම්බර් මස 15 වන දින සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මේ අතර 2020 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ සෞන්දර්යය විෂයන්වල ප්‍රායෝගික පරීක්‍ෂණ අගෝස්තු මස 28 වනදා සිට සැප්තැම්බර් මස 8 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.