Tuesday, May 21, 2024

General line - 0115112241

කොළඹ ඩෙල්ටා අවදානම තවත් ඉහළට




කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 20ත් 30 ත් අතර ප්‍රතිශතයක් ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයන් විය හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ ආසාදිතයින්ගෙන් ලබාගත් වෛරස නියැදි පරීක්‍ෂා කිරීම් තවදුරටත් සිදු කෙරෙන බවයි.

ඩෙල්ටා ප්‍රභේදයේ අවදානම පිළිබද කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි ද අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා.

මෙම මාධ්‍ය හමුවට එක්වූ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක සදහන් කළේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 50 කට පමණ ඔක්සිජන් අවශ්‍යතාවක් මතුව ඇති බවයි.