Tuesday, May 21, 2024

General line - 0115112241

වර්ජනයේ නිරත ගුරු සංගම්වලට අධ්‍යාපන ඇමතිගෙන් කැඳවීමක්

කමල් සුරවීර / ප්‍රේමදාස අරඹෙගෙදර




ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වී වර්ජනයේ නිරත ගුරු හා විදුහල්පති සංගම්වල නියෝජිතයින් සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරීස් අතර සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා.  

එම සාකච්ඡාවේදී සිය ගැටළුවලට විසදුම් නොලැබුණහොත් ලබන බ්‍රහස්පතින්දා කොළඹදී දැවැන්ත විරෝධතාවක් පවත්වන බවයි ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ නෙත් නිවුස් වෙත සදහන් කළේ.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද දිනයේදී ගුරු විදුහල්පතිවරුන් සිය ගැටළු ඉදිරිපත් කරමින් විරෝධතාවල නිරත වුණා. එක් විරෝධතාවක් පැවැත්වුණේ බත්තරමුල්ල ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදීයි.