Tuesday, May 21, 2024

General line - 0115112241

දෛනික එන්නත්කරණය අතින් ශ්‍රී ලංකාව පෙරමුණට




මෙරට කොරොනා මර්දනය සඳහා සිදුකරන දෛනික එන්නත්කරණය ලොව අනෙක් රටවල් අතර ප්‍රමුඛස්ථානයට පැමිණ ඇතැයි ලොව පුරා එන්නත්කරණ තොරතුරු යාවත්කාලීන කරනි‘ අවර් වර්ල්ඩ් ඉන් ඩේටා”  නම් වෙබ් අඩවියේ දැක්වෙනවා.

කොරෝනා මර්දන එන්නත්කරණය පසුගිය සතියේ වේගවත් කිරීමට රජය කටයුතු කිරීමත් සමග දෛනිකව ලබාදෙන මාත්‍රා ගණන ලක්ෂ 02 ත් ලක්ෂ 04ත් අතර අගයක පවත්වා ගැනීමට හැකි වී තිබෙනවා. දිනක් තුළ මෙරට වැඩිම මාත්‍රා ගණනන් ලබාදී ඇත්තේ ඉකුත් ජූලි 14 වනදා වන අතර එදින ලබාදී තිබූ එන්නත් මාත්‍රා සංඛ්‍යාව තුන් ලක්‍ෂ 84,000 ඉක්මවා තිබුණා.

ලොව පුරා එන්නත්කරණ තොරතුරු යාවත්කාලීන කරන 'අවර් වර්ල්ඩ් ඉන් ඩේටා' වෙබ් අඩවියේ දැක්වුණේ ජූලි 17 වනදා වනවිට  ශ්‍රී ලංකාව එන්නත්කරණ වේගය අතින් ලොව පළමු ස්ථානයට පත්ව ඇති බවයි. එම දිනයේ පෘතුගාලය, තුර්කිය, ජපානය, චීනය හා බ්‍රසීලය පිළිවෙළින් ශ්‍රී ලංකාවට පසු දෛනික එන්නත්කරණය අතින් ඉහළටම පැමිණි අනෙක් රටවල් වනවා. ආසියානු රටවල්වල එන්නත්කරණය අතින් පළමු තැන හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවටයි.