Tuesday, May 21, 2024

General line - 0115112241

දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණයක්




සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර පළාතේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු පළාත්වලට වැසි රහිත කාළගුණයක් අපේක්ෂා කෙරෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

දිවයින හරහා විටින් විට හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 ත් 50 ත් දක්වා වැඩිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්.