Thursday, May 16, 2024

General line - 0115112241

ඊයේ දිනයේදී ලක්ෂය ඉක්මවූ පිරිසකට සයිනොෆාම් පළමු මාත්‍රාව




මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ තවත් පුද්ගලයින් එක් ලක්ෂ 4,617 දෙනෙකුට සයිනොෆාම් කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේදී ලබාදී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති මෙරට සමස්ථ පුද්ගලයින් ගණන හතලිස් හය ලක්ෂ 35,090 ක්.

මේ අතර ඊයේ දිනයේදී තවත් පුද්ගලයින් 10,997 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී ඇති අතර මේ දක්වා එම එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී ඇති මෙරට සමස්ථ පුද්ගලයින් ගණන දොළොස් ලක්ෂ 97,337 ක්.

මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාවද පුද්ගලයින් 97,699 දෙනෙකුට ඊයේ දිනය තුළ ලබාදී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති මෙරට සමස්ථ පුද්ගලයින් ගණන එක් ලක්ෂ 7,787 ක් වනවා.