Thursday, May 16, 2024

General line - 0115112241

දක්ෂිණ අධිවේගයේ බද්දේගම හුවමාරුවේ සේවකයින් 20 කට කොරෝනා




දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම අන්තර් හුවමාරුවේ කාර්යය මණ්ඩලයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බද්දේගම දිස්ත්‍රික් රෝහලේදී පසුගිය 17 වනදා එම කාර්යය මණ්ඩලයේ 10 දෙනෙකුට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී ඉන් 09 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනා ගැණුනා.

එම කාර්ය මණ්ඩලයේ තවත් සේවකයින් 12 දෙනෙකු පසුගිය 18 වැනිදා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කෙරුණාු  අතර ඉන් 08 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී තිබුණා.

ඊයේ දිනයේදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී තවත් සේවකයින් තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගත් බවයි බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.පී.නවරත්න සඳහන් කළේ.