Thursday, May 16, 2024

General line - 0115112241

ජනප්‍රිය ගායක අසංග ප්‍රියමන්ත පීරිස් වෙත ගෞරව නාමයක් පුදකරයි




ජනප්‍රිය ගායක අසංග ප්‍රියමන්ත පීරිස් වෙත මනුෂ්‍යත්වය උදෙසා ගෞරව ප්‍රණාමයක් ලෙසින් "කලාභූෂණ ජනරංජන කීර්ති ශ්‍රී දේශමාන්‍ය "ගෞරව නාමය සහිත සන්නස් පත්‍රයක් අමරපුර ශ්‍රී සද්ධම්මවංශ නිකායේ අනුනායක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් අතින් ලබා දීම සිදු කෙරුණා.
 
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා ඉකුත් 18 වැනිදා පැවති උත්සවයකදී මෙය ලබා දුන් අතර ගීත 400 පමණ ගායන කර ඇති ඔහුගේ ගායන දිවිය වසර 35ක් පමණ වනවා.

මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන අසංග ප්‍රියමන්ත පීරිස් 1985 වර්ෂයේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ස්වදේශීය සහ වෙළඳ සේවයේ සරල ගී පරීක්ෂණයෙන් සමත් වුණා.