Thursday, May 16, 2024

General line - 0115112241

රට සිව්වෙනි කොවිඩ් රැල්ලේ ආරම්භයට ලඟාවෙමින් සිටිනවා - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි 




ශ්‍රී ලංකාව කොවිඩ් සිව්වන රැල්ලේ ආරම්භයට ළඟාවෙමින් සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කර සිටිනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න ප්‍රකාශ කළේ, සංචරණ සීමා පනවා තිබුණ ද කොවිඩ් ආසාදිතයන්ගේ සැළකිය යුතු අඩුවීමක් කිසිදු අවස්ථාවක දක්නට නොලැබුණ බවය.

සංචරණ සීමා පැනවීම සිදුවුණේ මැයි 20 වගේ දිනවල. එතකොට අපි බලාපොරොත්තු වුණ විදියටම පාලනය කළ හැකි ප්‍රමාණයකට රෝගීන් අඩුවීමක් අපිට දක්නට ලැබෙනවා. නමුත් අපි ඔබ සියල්ල දැක්ක හැටියට රෝගීන් ඉතාමත් ලොකු අඩුවීමක් කොයි වෙලාවේවත් සිදුවුණේ නෑ. හිතනවා අපි සංචරණ සීමාවල තිබුණ අඩු ලුහුඩුකම් මේ සියල්ලම හේතු කාරණා වුණා කොපමණ ප්‍රමාණයක් රෝගීන් අඩුවෙනවා ද කියන එකට. 

නමුත් අපි දැන් කියන්න ඕනේ අපේ රෝහල් පද්ධතිය ගැන අපිට එන කරුණු අනුව යළි රෝහල් පද්ධතිය, 4 වන රැල්ලේ මුල කොටසට ළඟා වෙමින් තියෙනවා කියන එක ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හැඟීමයි. එන්නත මත විශ්වාසය තබාගෙන අපි රෝගය පාලනය කරනවා. නමුත් එන්නත මත විශ්වාසය තියාගෙන පෙර පරිදි ජනජීවිතය ගත කරන්න හැකියාව තිබෙනවා කියන එක මිත්‍යාවක්. 

ඒ වගේම රටේ සංචරණ සීමා පනවා තිබු කාලයේදී රටේ ඩෙල්ටා ප්‍රභේදය දක්නට ලැබුනේ නැහැ. නමුත් දැන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය තිබෙනවා. මේ නිසා ඩෙල්ටා ප්‍රභේදය ජනතාවගේ සියයට 50 කගේ වෛරස් ප්‍රභේදයට හේතුවෙන්න හැකියාව තිබෙනවා" යැයි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ප්‍රකාශ කර සිටියා.