Sunday, May 12, 2024

General line - 0115112241

සිය ජීවිතය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවි දුන් පොලිස් නිලධාරියා අමතක නොකළ මහාධිකරණ විනිසුරුතුමා 

මාධව කුලසූරිය - වවුනියාව 




යාපනය මහාධිකරණ විනිසුරුව කටයුතු කළ එම්.ඉලන්චේලියන් මහතා ඉලක්ක කර ගනිමින් 2017 ජුලි මස 22 වැනිදා සිදුවු ප්‍රහාරයෙන් මහාධිකරණ විනිසුරුතුමා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දිවිදුන් පොලිස් සැරයන් ජි.එච්.සරත් හේමචන්ද්‍ර ගේ සිව්වන ගුණ සැමරුම සිදුකිරීමට මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතා ඊයේ (21) කටයුතු කොට තිබෙනවා.

යාපනය නල්ලූර් ප්‍රදේශයේදී 2017 ජුලි 22 වැනිදා මහාධිකරණ විනිසුරුතුමා ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදුවු අතර, අදාළ ප්‍රහාරයේදී ඉලන්චේලියන් මහතාගේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි සරත් හේමචන්ද්‍ර නම් පොලිස් සැරයන්වරයා ජිවිතක්ෂට පත්විය.

ප්‍රහාරයෙන් සිය ආරක්ෂාව භාරව කටයුතු කළ පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මහතා ජිවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව එවකට ඉලන්චේලියන් මහාධිකරණ විනිසුරුතුමා  සංවේදීව කටයුතු කළ ආකාරය සෑම මාධ්‍යයකම ප්‍රචාරය විය.

ජිවිතක්ෂයට පත්වු පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර ගේ සිව්වන ගුණ සැමරුම වෙනුවෙන් ඔහු මිහිදන් කොට ඇති සොහොන වෙත ගොස් පහන් දල්වා සැමරුමක් සිදු කිරීමට මහාධිකරණ විනිසුරුතුමා කටයුතු කර තිබුණා.

ඉලන්චේලියන් මහාධිකරණ විනිසුරුතුමා සිය ජීවිතය ආරක්ෂාව වෙනුවෙන් දිවිදුන් පොලිස් නිළධාරියාගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවශ්‍යය සියළු සහයෝගය ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.