Sunday, May 12, 2024

General line - 0115112241

ගුරු විරෝධතාවයෙන් කොළඹ රථවාහන ධාවනයට බාධා




ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පිරිසක් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අද උදෑසන ආරම්භ කළ විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුවේ මාර්ග කිහිපයක රථවාහන ධාවනයට බාධා එල්ල වුණා.

ඒ, උද්ඝෝෂකයින් පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීම හේතුවෙන්.

වැටුප් විෂමතා, කොතලාවල පනත අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් මෙම විරෝධතාවට එක්ව සිටිනවා. මේ හේතුවෙන් අදත් දිවයින පුරා දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු බිඳ වැටී තිබෙනවා.