Saturday, May 11, 2024

General line - 0115112241

මොඩර්නා එන්නත ගැන අසත්‍ය ප්‍රචාර සිදුකළ දෙදෙනෙකුට වැඩ වරදී




මේ දිනවල ජනතාවට ලබාදෙන මොඩර්නා එන්නත පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ මොඩර්නා එන්නත ශරීරයට අහිතකර බවටත්, එහි නැනෝ තාක්ෂණය අඩංගු බවටත් ඇතැම් පුද්ගලයින් විවිධ ප්‍රචාර සිදුකරන බවට පැමිණිල්ලක් ද ලැබී ඇති බවයි.

මොඩර්නා එන්නත මේවනවිට මධ්‍යම පළාතේ ජනතාව කේන්ද්‍ර කරගනිමින් ලබාදෙමින් තිබෙනවා.

ඊයේ දිනය තුළ පමණක් මොඩර්නා එන්නත ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව එක් ලක්ෂ 11,465 ක්. ඊයේ දිනය තුළ මෙරට ජනතාවට වැඩියෙන්ම ලබාදී ඇත්තේ ද මොඩර්නා එන්නතයි.

මීට අමතරව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 42,814 දෙනෙකුටත්, එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 5165 දනෙකුටත් ඊයේ ලබා දුන්නා.

ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේදී ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 16,252 ක්.