Sunday, May 12, 2024

General line - 0115112241

හිඟව තිබු ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා සොයා ගෙන අවසන් - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්




දෙවන මාත්‍රාව ලබාදීම සඳහා හිග වී ඇති ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මේවනවිට ශ්‍රී ලංකාවට සොයා ගැනීමට හැකිවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. ඔහු කියා සිටියේ මේ මස අවසන්වීමට පෙර අදාළ එන්නත් මාත්‍රා තොගය මෙරටට ලැබීමට නියමිත බවයි. 

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබා ඇති සංඛ්‍යාව නව ලක්ෂ 25,242 ක්. ඉකුත් ජනවාරි මාසයේ ආරම්භ කළ පළමු මාත්‍රාව ලබාදීම අප්‍රේල් මාසයේදී අවසන් කෙරුණා. එහි දෙවන මාත්‍රාව මේ දක්වා ලබාදී ඇත්තේ පුද්ගලයින් තුන් ලක්ෂ 85,885 දෙනෙකුට පමණයි.