Saturday, May 11, 2024

General line - 0115112241

මංගල උත්සව සඳහා හෙට සිට දැඩි රෙගුලාසි

ජූඩ් සමන්ත




විවාහ මංගල උත්සව නියාමනය හෙට සිට දැඩි කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ විවාහ මංගල උත්සව පැවැත්වීමට ලබාදුන් නිර්දේශ දිගින් දිගටම අවභාවිත වීම මීට හේතුව බවයි. 

මේ අතර යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ සෞඛ්‍ය උපදෙස් අනුව උපරිමය පුද්ගලයින් 150 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුව විවාහ මංගල උත්සව පැවැත්වීමට ලබාදී ඇති අවසරය අවභාවිතා කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

කොළඹින් පිට ප්‍රදේශවල පවත්වනු ලබන විවාහ මංගල උත්සව සඳහා ලබාදී ඇති සීමාව ඉක්මවා යමින් විවාහ මංගල උත්සව පවත්වන බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ. මෙවැනි පසුබිමක් මත ඉදිරියේ කොවිඩ් පොකුරු බිහි වීමේ හැකියාවක් ඇති බව ද යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.