Saturday, May 11, 2024

General line - 0115112241

ඔන්ලයින් අතහැර ගුරුවරු වර්ජනයම තෝරා ගනී




දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලට සහභාගී නොවී දැනට ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කිරීමට ගුරු වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. සිය ඉල්ලීම් රැගෙන ඔවුන් අද විරෝධතා පාගමනක නිරත වුණේ කොළඹ කොටුවේදීයි. පසුව ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණියේ උද්ඝෝෂණ සහ මහජන ඒකරාශීවීම් සිදු නොකළ යුතු බවට සෞඛ්‍ය නිර්දේශ පවා නිකුත් කර ඇති පසුබිමකයි. 

පසුව විරෝධතා පාගමනින් පැමිණි තිදෙනෙකුට සාකච්ඡාවක් සඳහා ජනාධිපති කාර්යාලයට ඇතුළුවීමට අවසර හිමිවුණා. ඊට සහභාගී වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කළා. 

පළමුව නිරෝධායන රෙගුලාසි වලටත්, පසුව වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනුත් ගුරු සංගම් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දින 10 කට අධික කාලයක් රට පුරා දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනය බිඳ වැටී තිබෙනවා.