Saturday, May 11, 2024

General line - 0115112241

දැරියගේ මියයාම ගැන රිෂාඩ්ගේ නිවසේ පිරිස අත්අඩංගුවට නොගැනීම ගැන ඇමතිටත් ප්‍රශ්නයක්




පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි දැරියක් මියයාම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා නීතිපතිවරයා විසින් නිළධාරීන් කණ්ඩායමක් පත් කර තිබෙනවා. ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් නීතිපති දෙපාර්තමේන්තුවට අද කැඳවා සිදුකළ සාකච්ඡාවකින් අනතුරුවයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි දැරියක් මියයාම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 08 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අද පැවසුවා. ඒ අතරට දැරියගේ ඥාතීන් සහ මෙම නිවසේ මීට පෙර සේවය කළ සේවිකාවන් ද අයත්. රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන බවයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ මෙම බාලවයස්කාර දැරිය ඉකුත් දා රෝහල් ගත කර තිබුණේ පිළිස්සුම් තුවාල සමගයි. පසුව ඇය කොළඹ ජාතික රෝහලේදී මියගියා. පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණ වුණේ මෙම දැරිය කලක සිට ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවයි.