Sunday, May 12, 2024

General line - 0115112241

ඇසළ පෝදා නෙත් ශ්වේත පූජා යළි පිබිදෙන කූරගලදී




ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි. ඇසළ පොහොය යනු ශාසනික වශයෙන් මෙන්ම ඓතිහාසික වශයෙන් ද මෙරට බෞද්ධ ජනතාවට අතිශය වැදගත් පොහොය දිනයක්. වැසි සළු පූජා කර වස් ආරාධනා කිරීම සිදුවන්නේ ඇසළ පොහෝ දිනයේයි. මේ, පානදුර කෙසෙල්වත්ත ගංගාතිලක පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය සියඹලාගොඩ ජිනරතන හිමි.

කොරෝනා වසංගතය හේතුවෙන් වෙසක් මෙන්ම පොසොන් පුර පසලොස්වක පොහොය දිනයන්හිදී ජනතාවට සිල් සමාදන්වීම ඇතුළු ආගමික කටයුතු වල නිරත වීමට සිදුවූයේ සිය නිවෙස් වල සිටයි. ඒ අනුව අද උදාවූයේ සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව වෙහෙර විහාරස්ථානවලට ගොස් ආගමික වතාවත් සිදු කිරිමට ලැබෙන පළමු අවස්ථාවයි. 

මේ අතර ඇසළ පුර පසළොස්වක පොහොය දා නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන අද අලුයම ආරම්භ වූයේ බලංගොඩ ඓතිහාසික කූරගල පුදබිමේ සිටයි. යළි පිබිදෙන කූරගල පුදබිමේ සිට අද දවස පුරා සිදු කෙරෙන ශ්වේත පූජා වැඩසටහන පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ කර ගන්නවා නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්. 

නෙත් එෆ් එම් රේඩියෝව 08 වන වරටත් සංවිධාන කරන කඨීන මහා පිංකම මෙවර පැවැත්වෙන්නේ ද බලංගොඩ ඓතිහාසික කූරගල පුදබිමේදීයි. මාධ්‍ය ආයතනයක් විසින් සංවිධාන කරනු ලබන ප්‍රථම සහ එකම කඨින පිංකම ද මෙය වනවා. 

උඩුපිළ දෙල්ගොඩ “යොවුන් සිතට දහම් සිසිල” මධ්‍යස්ථානයෙන් නෙත් කඨින මහා පිංකම ආරම්භ කෙරුණේ 2014 වසරේදීයි. පසුව හොරණ දික්හේනපුර සීලසුව අරණ, ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනය, බවුන්සෙත් සුව අරණ, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, ගම්පහ බවුන්පැලැස්ස හා දෙවනගල පුදබිමේදී අඛණ්ඩව සෑම වසරකදීම නෙත් කඨින මහා පිංකකම සිදු කෙරුණා. ඒ අනුව අදට යෙදෙන ඇසළ පුන් පෝදා වස් ආරාධනා සිදුකර වස් තුන් මස අවසානයේ ඓතිහාසික කූරගල පුදබිමේදී නෙත් කඨින මහා පිංකම පැවැත්වීමට නියමිතයි.