Sunday, May 12, 2024

General line - 0115112241

නව විශ්ව විද්‍යාල පනත ගැන අළුත් සැකයක්




1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරමින් සංශෝධන පනත් කෙටුම්පතක් ගැසට් කර තිබීම සම්බන්ධයෙන් අලුත් අර්බුදයක් සහ සැකයක් නිර්මාණය වෙමින් ඇතැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි සභාපති ආචාර්ය ශ්‍යාම බන්නැහැක පැවසුවේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් දැඩි කතාබහක් රටතුළ මතුව ඇති පසුබිමක හදිසියේ මෙවැනි තීරණයක් ගැනීම සැකසහිත බවයි. 

විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරමින් සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර ඇත්තේ ඉකුත් 20 වනදායි. එම සංශෝධිත ගැසට් නිවේදනයට අනුව ශිෂ්‍යයන් නොවන පුද්ගලයින්ට උසස් අධ්‍යාපනය ලබාදීම සඳහා විශේෂිත කාර්යක් සඳහා වු විශ්වවිද්‍යාලයක් පිහිටුවිය හැකිය. “විශේෂිත කාර්යක් සඳහා වු විශ්වවිද්‍යාලය” යනුවෙන් දක්වා ඇති කරුණ පිළිබඳ නිවැරදි අර්ථකථනයක් ඒ තුළ අඩංගු නොවීම නව අර්බුදයක් මතුවීමේ සලකුණක් බව මෙහිදී සඳහන් කෙරුණා. 

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය පදනම් කර ගනිමින් මතුව ඇති විවාදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න පැහැදිළි කිරීමක් සිදුකළා. 

කෙසේවෙතත්, පාර්ශව කිහිපයක් දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ නව පනත් කෙටුම්පත සම්මතවීමට ඉඩ නොතබන බවයි.