Tuesday, May 7, 2024

General line - 0115112241

හරීන්ගෙන් CID ය පැය 05 ක් ප්‍රකාශ ලබා ගනී




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පැය 05 ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අද පස්වරු 03 ට පමණ ඉන් පිටව ගියා. මන්ත්‍රීවරයා එලෙස ප්‍රකාශයක් ලබා දුන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු විසින් මීට පෙර සිදුකර ඇති ප්‍රකාශයකට අදාලවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනානන්දු අද උදෑසන 10 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර ඔහු සමඟ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර සහ මනූෂ නානායක්කාර ද එම ස්ථානයට පැමිණ සිටියා. එහිදී විපක්ෂ නායකවරයා මාධ්‍ය වෙත අදහස් පළ කළේ මෙලෙසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන්ද මාධ්‍යවේදියෙකු එහිදී විපක්ෂ නායකවරයාගෙන් ප්‍රශ්න කළ අතර ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.