Wednesday, May 15, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව යළි කොරෝනා පැතිරීමේ අවදානමක් අභියස




අද දිනයේදී තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1850 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 303, 682ක් බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

මේ අතර මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් අඛණ්ඩව ඉහළ යාම සම්බන්ධයෙන් දැඩි අවදානයකින් පසුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව වැඩිවීමට ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑමක් තිබිය හැකි බවයි. 

ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,940 ක්. මීට පෙර දෛනික ආසාදිතයින් 1,900 සීමාව ඉක්මවා ගොස් තිබුණේ ඉකුත් ජූනි මස 24 වනදායි. ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 63 ක්.